Google ඔබට ඔබ වටා ඇති ලෝකය සොයා ගැනීමට උදවු කිරීම සඳහා කැපවී සිටියි. අපගේ වේදිකාවල ඇති රූප සකසා තිබෙන්නේ අවට තිබෙන හෝ ලොව වටා ඇති තැන් පෙරදසුන් කිරීම හෝ ගවේෂණ කිරීම සඳහා ඔබට උදවු කිරීමේ අරමුණින් වේ. රූප සමුච්චය ප්‍රයෝජනවත් වීම සඳහාත් අපගේ පරිශීලකයින් ගවේෂණ කරන ඒවා ලොවටම පරාවර්‍තන කිරීම සඳහාත් අපි දැඩිව උත්සාහ ගනිමු.
වීථි දසුන් රූප සමුච්චය බාහිර පාර්ශ්ව හෝ Google විසින් දායක වනු ලැබිය හැක. සෑම රූපයක්ම සමඟ ඇති ආරෝපණ නම හෝ නිරූපකය මඟින් ඔබට වෙනස පැවසිය හැක. බාහිර පාර්ශ්වයක් විසින් ග්‍රහණ කර Google සිතියම් වෙත ප්‍රකාශන කරනු ලබන රූප සමුච්චය එම දායකයාට (හෝ ඔවුන් පවරා දෙන ඕනෑම අනුප්‍රාප්තිකයෙකුට) හිමි වෙයි.
මෙම පිටුව ඉදිරියට Google දායක වූ වීථි දසුන් රූප සමුච්ච ප්‍රතිපත්තිය සකසයි. පරිශීලකයින් දායක වූ වීථි දසුන් රූප සමුච්චය සඳහා, සිතියම් පරිශීලකයා දායක වූ අන්තර්ගතය පිළිබඳ ප්‍රතිපත්තිය බලන්න.
Google දායක වූ වීථි දසුන්
රූප ප්‍රතිපත්තිය
අපි වීථි දසුන් රූප සමුච්චය බලන සෑම කෙනෙක් සඳහාම ධනාත්මක, ප්‍රයෝජනවත් අත්දැකීමක් තහවුරු කිරීමට උදවු කිරීම සඳහා මෙම Google දායක වූ වීථි දසුන් ප්‍රතිපත්තිය වර්ධනය කර තිබේ. එය අපි නුසුදුසු අන්තර්ගතයට සලකන ආකාරය සහ Google සිතියම් වෙත රූප සමුච්චය ප්‍රකාශන කිරීම සඳහා අපි භාවිත කරන නිර්ණායක විස්තර කරයි. අපි විටින් විට අපගේ ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැකි බැවින් කලින් කල ආපසු පරීක්ෂා කර බලන්න.
වීථි දසුන් රූප සමුච්චය තථ්‍ය කාලීන නොවේ
එම ස්ථානය පසු කර ගිය දවසේ අපගේ කැමරාවලට දකින්නට ලැබූ දේ පමණක් වීථි දසුන් රූප සමුච්චය පෙන්වයි. එය සැකසීම සඳහා මාස කිහිපයක් ගත වෙයි. එනම් ඔබ යම් තැනක දකින අන්තර්ගතය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා පරණ විය හැක. අපි වසර කිහිපයක් පුරාම සංකල්ප රූප එකතු කළ සමහර ස්ථානවල, ඔබට අපගේ කාල යන්ත්‍රය කාර්යය තුළින් එම සංකල්ප රූප සඳහා වන වෙනස්කම් ද බැලිය හැක.
බොඳ කිරීම
Google සිතියම් වෙතට වීථි දසුන් රූප සමුච්චය ප්‍රකාශන කළ විට පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සඳහා Google විසින් පියවර ගණනාවක් ගනු ලැබේ.
වීථි දසුන තුළ Google දායක වූ රූප සමුච්චය තුළ හඳුනාගත හැකි මුහුණු සහ බලපත්‍ර තහඩු බොඳ කිරීමට සැලසුම් කර ඇති අත නවීන මුහුණු සහ බලපත්‍ර තහඩු බොඳ කිරීමේ තාක්ෂණය අපි වර්ධන කර ඇත. ඔබ අමතර බොඳ කිරීම අවශ්‍ය වන මුහුණක් හෝ බලපත්‍ර තහඩුවක් දකින්නේ නම්, හෝ අපි ඔබේ නිවස, කාර් රථය හෝ ශරීරය සම්පූර්ණයෙන් බොඳ කළ යුතු නම් "ගැටලුවක් වාර්තා කරන්න" මෙවලම භාවිත කොට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
නුසුදුසු අන්තර්ගතය
ඔබට "ගැටලුවක් වාර්තා කරන්න" සබැඳිය භාවිත කර නුසුදුසු අන්තර්ගතය වාර්තා කළ හැක. අන්තර්ගතයේ කලාත්මක, අධ්‍යාපනික හෝ ලේඛනාත්මක වටිනාකම තිබෙන්නේ නම් මිස, අපි පහත සඳහන් ප්‍රවර්ග නුසුදුසු අන්තර්ගතය ලෙස සලකන්නෙමු.
බුද්ධිමය දේපළ උල්ලංඝන කිරීම්
අපි ප්‍රකාශන හිමිකම ඇතුළුව වෙනත් කෙනෙකුගේ නීත්‍යනුකූල හිමිකම් කඩ කරන රූප හෝ වෙනත් යම් අන්තර්ගතය අනුමත නොකරමු. වැඩිදුර තොරතුරු සඳහා හෝ DMCA ඉල්ලීමක් ගොනු කිරීමට, අපගේ ප්‍රකාශන හිමිකම් පටිපාටි සමාලෝචනය කරන්න.
ලිංගිකව අසභ්‍ය අන්තර්ගතය
අපි ලිංගිකව අසභ්‍ය අන්තර්ගතයට ඉඩ නොදෙමු.
නීති විරෝධී, භයානක, හෝ ප්‍රචණ්ඩ අන්තර්ගතය
අපි නීති විරෝධී ස්වභාවයක් සහිත, අනතුරුදායක හෝ නීති විරෝධී ක්‍රියා ප්‍රවර්ධන කරන, නැතහොත් ග්‍රැෆික් හෝ නිර්මූල්‍ය ප්‍රචණ්ඩත්වය ඇතුළත් අන්තර්ගතය සඳහා ඉඩ නොදෙමු.
හිරිහැර හා තර්ජන
අපි අතවර කිරීම, හිංසනය, හෝ පුද්ගලයින්ට පහර දීම සඳහා වීථි දසුන භාවිත කරන අන්තර්ගතය අනුමත නොකරමු.
වෛරී කථාව
අපි වර්ණ භේදය, ජාතිය, ආගම, ආබාධිතභාවය, ලිංගිකත්වය, වයස, ජාතිකත්වය, වෘද්ධ තත්ත්වය, හෝ ලිංගික නැඹුරුව/ලිංගිකත්ව හැඳුනුම පදනම් කරගෙන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන හෝ අවකමා කරන අන්තර්ගතය අනුමත නොකරමු.
ත්‍රස්තවාදි අන්තර්ගතය
අපි ත්‍රස්තවාදී සංවිධානවලට බඳවා ගැනීම ඇතුළුව ඕනෑම අරමුණක් සඳහා මෙම සේවය භාවිත කිරීමට අවසර නොදෙමු. අපි ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන, ප්‍රචන්ඩත්වයට පොළඹවන හෝ ත්‍රස්ත ප්‍රහාර සමරන අන්තර්ගත වැනි ත්‍රස්තවාදයට සම්බන්ධ අන්තර්ගතය ද ඉවත් කරමු.
ළමුන් අනතුරට හෙළීම
ළමුන් සූරා කන හෝ අයථා පරිහරණය කරන අන්තර්ගතවලට විරුද්ධව කිසිසේත්ම නොඉවසන ප්‍රතිපත්තියක් Google තුළ තිබේ. මෙයට ලිංගික දූෂණ රූප සහ ළමුන්ව කාමුක ආකාරයකින් ඉදිරිපත් කරන සියලුම අන්තර්ගතයන් අඩංගු වෙති. ඔබ මෙම ආකාරයේ ළමුන් සූරාකන බවක් සිතන යම් අන්තර්ගතයක් දකින්නේ නම්, ඔබ එම අන්තර්ගතය Google හි අවධානයට ගෙන ඒමට සිතන්නේ වූවද, එය යළි බෙදාගැනීම හෝ එය පිළිබඳව අදහස් දැක්වීම නොකරන්න. ඔබ අන්තර්ජාලය තුළ වෙනත් තැනක එවැනි අන්තර්ගතය සොයා ගන්නේ නම්, අතුරුදන්වූ සහ සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය (NCMEC) ඍජුව සම්බන්ධ කර ගන්න.
පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු
අපි ඔබගේ හෝ අන් අයගේ වුවද — ණය කාඩ්පත් විස්තර, වෛද්‍ය වාර්තා, හෝ රජයෙන් නිකුත් කරනු ලැබූ හැඳුනුම වැනි පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු ඇතුළත් අන්තර්ගතය අනුමත නොකරමු.