වීථි දසුන් කතාවලින් ප්‍රබෝධමත් වන්න

සන්සිබාර් රූපය

සන්සිබාර්

සන්සිබාරය සිතියමට දැමීමට තන්සානියා රජය සමඟ වූ ඔවුන්ගේ ඒකාබද්ධ මූලාරම්භය වන සන්සිබාර් ව්‍යාපෘතිය ගැන කියන “World Travel in 360 (WT360)” නම් වීථි දසුන් විශ්වාසදායී ඡායාරූප ශිල්පීන්ගේ රැස් කිරීම නරඹන්න. ෆෙඩරිකෝ ඩෙබෙට්ටෝ, නිකොලායි ඔමෙල්චෙන්කෝ සහ ක්‍රිස් ඩු ප්ලෙසිස් යන අය කොදෙව් පෙළ සිතියම් කිරීම සඳහා වන මුල් කටයුතු කිරීමට, වීථි දසුන් ඡායාරූප ශිල්පය ගැන එහි ප්‍රජාවට ඉගෙන්වීමට සහ ඔවුන්ම ව්‍යාපෘතිය කර ගෙන යාමට ප්‍රජාවට තිරසාර මාදිලියක් ගොඩ නැඟීමට තන්සානියාවට ගමන් කළෝය.

මියන්මාර් රූපය

මියන්මාරය

3XVIVR නිෂ්පාදන ආයතනයේ ඡායාරූප ශිල්පී නී ලින් සෙක් සහ ඔහුගේ සගයන්ගේ විශ්මිත කෘති ප්‍රදර්ශනය කරන මෙම වීඩියෝවෙන් මියන්මාරය ගවේෂණය කරන්න. වීථි දසුන හරහා මියන්මාරය ඩිජිටල් කර එම රටේ සංස්කෘතික උරුමය 360 තුළ සුරැකීම අරමුණු කර ගත් ඔවුන්ගේ විශේෂ ව්‍යාපෘතියට 3XVIVR වැඩි කාලයක් ගත කළේය.

රූපය සිම්බාබ්වේ

සිම්බාබ්වේ

වීථි දසුන් සමඟ සිම්බාබ්වේ සිතියම් කිරීම පිළිබඳ තම කතාව කියන ටවණ්ඩා කන්හේමා නරඹන්න. ටවණ්ඩා තමා වාසය කරන සිම්බාබ්වේ රටට ආපසු ගියේ අගනුවර හරාරේ සහ ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් වන වික්ටෝරියා ඇල්ල යන ඒවායේ වීථි දසුන් රූප සමුච්චය Google සිතියම් මත දැමීමේ අරමුණ සමඟයි. ඔහු මෑතදී සිම්බාම්වේහි අනෙකුත් ප්‍රධාන ස්ථාන ඇතුළු කිරීමට ද ඔහුගේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කළා.

කෙන්යා රූපය

කෙන්යාව

කෙන්යාව සිතියම් කරන සමහර දේශීය මඟපෙන්වන්නන් සහ වීථි දසුන් විශ්වාසදායී ඡායාරූප ශිල්පීන් හමු වන්න. ලෝකයට කෙන්යාවේ අසාමාන්‍ය අලංකාරය අත්දැකීමට උදවු කිරීම යන ඔවුන්ගේ ආශාව එම අරමුණ ඉටු කිරීමේ අත්‍යන්ත මෙවලම ලෙස ඔවුන්ට ඍජුව වීථි දසුනට මඟ පෙන්විය.

ආර්මේනියා රූපය

ආර්මේනියාව

Armenia360 යන ලාභ නොසොයන සංවිධානයේ ස්ථාපකයෙක් වන ජෝ හකෝබියාන්ට සවන් දෙන්න. ජෝ ඔහුගේ මුතුන් මිත්තන්ගේ පෞරාණික භූමිය සිතියම් කිරීමට ඔහුගේ කණ්ඩායම කළ ගමන ගැන ලණ්ඩන්හි පැවති 2019 විථි දසුන් සම්මන්ත්‍රණයේ කථා කළේය. මෙය ඕනෑම කෙනෙකුට තමාට වැදගත් වන තැන් වීථි දසුන මඟින් සිතියමට දැමීමට බලගැන්විය හැකි ආකාරය පිළිබඳ කතාවකි.

රූපය බර්මියුඩාව

බර්මියුඩාව

වීථි දසුන් රූප සමුච්චය රැස් කිරීමට ගමනාන්ත අලෙවිකරණ සංවිධානයක් වන බර්මියුඩා සංචාරක අධිකාරිය වීථි දසුන් විශ්වාසදායී නියෝජිතායතනයක් වන Miles Partnership කුලියට යොදවා ගත් ආකාරය දැන ගන්න. බර්මියුඩා සංචාරක අධිකාරියට සංචාරකයින්ට ඔවුන් සැලසුම් කරන (හෝ දවල් සිහින දකින විට!) බර්මියුඩාව අතථ්‍ය ලෙස ගවේෂණ කිරීමට ද උදවු කරන අතරතුර, Google සිතියම් මත තම පෙනී සිටීම ප්‍රශස්ත කිරීමට සහ ප්‍රාදේශීය ව්‍යාපාර ගවේෂණ කිරීමට සහය දැක්විය.

රූපය ටෝන්ගා

ටෝන්ගා

ග්‍රිඩ් පැසිෆික් ස්ථාපකයන් වන ටානියා වොල්ෆ්ග්‍රැම් සහ විකුකි කිංගි යන අය තෝංගා තුළ තම සිතියම්කරණ ගමන ලේඛනගත කරති. ඔවුහු තෝංගාවේ සහ අනෙකුත් පැසිෆික් දූපත්වල සංස්කෘතිය ප්‍රවර්ධන කිරීමට මුළු කොදෙව් පෙළම සිතියම් කර එය වීථි දසුනට එක් කිරීමේ අපේක්‍ෂාවෙන් යුත් සැලැස්මක් පටන් ගත්හ. ඔවුන්ගේ ආකර්ෂණීය කතාව මෙහි නරඹන්න.